දැව හෙලීම් බලපත්‍ර
කොස්,දෙල් ,තල්, පොල් වැනි සීමිත ගස් කැපීම සඳහා ඕනෑම කෙනෙකු විසින් බලපත්‍ර ලබා ගැනීම අත්‍යාවශ්‍යවේ.
දැව හෙලීම් බලපත්‍රයක් ලබා ගැනීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දැව හෙලීමට අදාළ ඉඩමේ ඔප්පු පිටපත ( ග්‍රාම නිලධාරී මගින් සහතික කළ යුතුයි )
- ඉඩමට අදාළ පිඹුරේ පිටපත ( ග්‍රාම නිලධාරී මගින් සහතික කළ යුතුයි )
- ඉල්ලුම් කරනු ලබන ඉඩමෙහි ඔප්පුවට අදාළව සතියක් ඇතුළත ලබා ගත් පත්තිරු
- ඔප්පුවට අදාළව ජීවිත භුක්තිකරුවන් සිටී නම් දැව හෙලීම සඳහා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ( ග්‍රාම නිලධාරී මගින් සහතික කළ යුතුයි ) ජීවිත භුක්තිකරුවන් මිය ගොස් ඇත්නම් අදාළ මරණ සහතික පිටපත්
- ප්‍රකාශන ඔප්පුවක් ඉදිරිපත් කරන අවස්ථාවක නම් එම ඉඩම නිරවුල්ව භුක්ති විඳීම පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව
දැව ප්‍රවාහන බලපත්‍ර
දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීමේදී ඉදිරිපත් කළ ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ( ග්‍රාම නිලධාරී විසින් සහතික කර)
- දැව හෙලීමට අදාළ ඉඩමේ ඔප්පු පිටපත ( ග්‍රාම නිලධාරී විසින් සහතික කර)
- ඉඩමට අදාළ පිඹුරේ පිටපත ( ග්‍රාම නිලධාරී විසින් සහතික කර)
- ඉල්ලුම් කරනු ලබන ඉඩමෙහි ඔප්පුවට අදාළව සතියක් ඇතුළත ලබා ගත් අවසාන පත්තිරු ( මුල් පිටපත )
- ඔප්පුවට අදාළව ජීවිත භුක්තිකරුවන් සිටී නම් දැව ප්‍රවාහනය සඳහා ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ( ග්‍රාම නිලධාරී විසින් සහතික කර) * ඔවුන් මිය ගොස් ඇත්නම් මරණ සහතික පිටපත්
- ප්‍රකාශන ඔප්පුවක් ඉදිරිපත් කරන අවස්ථාවක,එම ඉඩම නිරවුල්ව භුක්ති විඳීම පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව
- දැව මිලදී ගැනීමක් නම් විකුණුම් කුවිතාංසිය ( ග්‍රාම නිලධාරී විසින් සහතික කර)
- කලින් ප්‍රවාහනය කළ දැව නම්, එම ප්‍රවාහනයට අදාළ ප්‍රවාහන බලපත්‍රය
- පැල සිටුවීම් පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව
සතුන් ප්‍රවාහන බලපත්‍ර
සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළත හෝ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සිට තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත සතෙකු/සතුන් ගෙනයාම සඳහා(සත්ව පණත යටතේ සඳහන් කර ඇති) අවසර පත්‍රයක් ලබා ගත යුතුය. ඊට අදාල අයදුම් පත්‍රය (උපලේඛණය 2) කටාන පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබාගත හැකිය.
මෙම අයදුම්පත සමඟ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.
ප්‍රවාහනය කරන සතුන් සඳහා වන අදාල රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් නිකුත් කරන,
1.සෞඛ්‍ය සහතිකය (උපලේඛණය 3)
2.ගව වවුචරය (උපලේඛණය 6)
3.ප්‍රවාහන බලපත්‍රය.(උපලේඛණය 4)
ඉදිරිපත් කලයුතුය
ව්‍යාපාර නාම ලියාපදිංචිය
1. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
2. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමද ඉදිරිපත් කළ යුතුය.
3. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
අයදුම්පත්‍ර භාර ගැනීම සහ සහතික පත් නිකුත් කිරීම
අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා සිදුකරනු ලැබේ.
අඩුපාඩු රහිත අයදුම්පත්‍රයක් සම්බන්ධයෙන් රජයේ වැඩකරන දින 3ක් ඇතුලත සහතික නිකුත්කිරීමට කටයුතු කරනු ඇත.
බාගත කිරීම.
තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය
හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය
ව්‍යාපාරයේ නම වෙනස් කිරීම ආදි සංශෝධන කිරීමේ ඉල්ලුම් පත්‍රය
ව්‍යාපාර නාම සහතික පිටපතක් ලබා ගැනීම සඳහා වු ඉල්ලුම් පත්‍රය
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අදාල ලේඛන පරික්ෂා කිරීමේ ඉල්ලුම් පත්‍රය
ව්‍යාපාරයක් නතර කිරීමේ බලපත්‍රය
පහත සඳහන් ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ යුතුය.
1. ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකයේ මුල් පිවපත
2. ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකයේ මුල් පිටපත නොමැතිනම් දිව්රුම් ප්‍රකාශයක් සහ සහතික පිවපතක් කාර්යාලයෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.
3 ව්‍යාපාරය නතර කළ බවට ග්‍රාම නිලධාරි ලිපිය
4 ව්‍යාපාර නතර කිරිමේ ඉල්ලුම්පතෙහි ඔබගේ අත්සන ග්‍රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කරන්න.
බාගත කිරීම.
වෙළඳ කටයුතු නතර කළ බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.07 ආකෘති පත්‍රය)
මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර
මත් පැන් අලෙවිය සදහා බලපත්‍ර (නව බලපත්‍ර නිකුත් කිරීම/අළුත් කිරීම)
නව බලපත්‍ර නිකුත් කිරීම.
- සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය ලබා ගැනීම.
- ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සදහා යොමු කිරීම.
- ගාස්තු අය කිරීම
- බල පත්‍රය ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
- බල පත්‍ර නිකුත් කිරීම.
- සුරා බදු කොමසාරිස් ජෙනරාල් වෙත දැනුම් දීම.
බලපත්‍ර අළුත්කිරීම
- අවශ්‍ය ලියවිලි ලබා ගැනීම.
- සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය
- සහකාර සුරා බදු කොමසාරිස් නිශ්කාෂන සහතිකය
- දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගේ නිශ්කාෂන සහතිකය/ව්‍යාපාර පිහිටි පළාතේ ආදායම් කොමසාරිස්ගේ නිශ්කාෂන සහතිකය.
ලේඛන පරික්ෂා කිරීම. - අනුමැතිය ලැබුණු පසු ගාස්තු අය කිරීම.
- අළුත් කිරීමේ සටහන් යෙදු බලපත්‍ර ප්‍රාදේශීය ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම.
- අළුත් කරන ලද බලපත්‍රය නිකුත් වේ.
{sliderඋකස් බලපත්‍ර (New Issuances/Renewals)}
නව උකස් ආයතනයක් ලියාපදිංචි කිරීම සදහා
1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල) .
2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.
- අයදුම්පත.
- දිවුරුම් ප්‍රකාශය.
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
- පසුගිය ශේෂපත්රය
- පසුගිය වසරේ උකස් බලපත්‍රය
- ආයතනයේ රක්ෂණ සහතික
- පොලිස් වාර්තාව
- ඇප තැන්පතුවට අදාළ ගිවිස්නාව.
3. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම.
- ඇප තැන්පතුව - රු.100000.00
- ආරම්භක ගාස්තු - රු. 25000.00
- උකස් බලපත්‍ර ගාස්තු - රු. 5000.00
- මුද්දර ගාස්තු - රු.100
4. බලපත්‍රය නිකුත් කිරීම.
දැනට පවතින උකස් ආයතනයක් සදහා
1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල)
2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.
- අයදුම්පත
- දිවුරුම් ප්රකාශයව්යාපාර
- ලියාපදිංචි සහතිකය
- පසුගිය ශේෂපත්රය
- පසුගිය වසරේ උකස් බලපත්‍රය
- ආයතනයේ රක්ෂණ සහතිකය
3.ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම.
- උකස් බලපත්‍ර ගාස්තු රු. 5000.00
- මුද්දර ගාස්තු රු.100
- ප්‍රමාද ගාස්තු - මසකට උකස් බලපත්‍ර ගාස්තුවෙන් 10% බැගින් අදාළ මාස ගණනට අය කිරීම.
4. බලපත්‍රය නිකුත් කිරීම.
Your text...















