ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. දැව ප්‍රවාහන හා දැව හෙලීම් බලපත්‍ර ලබාදීම
  2. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
  3. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම
  4. ආදායම් සහතික නිකුත් කිරීම

සමාජ සේවා අංශය

දැක්ම
කොට්ඨාසය තුළ සමාජ සුබසාධන කටයුතු සහ සමාජ සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම තුලින් කොට්ඨාසය තුළ අඩු ආදායම් ලබන ජන කොටස් වල ජීවන තත්වය නගාලීමත්, යහපත් සමාජ තත්වයක් සමාජය තුල ප්‍රතිෂ්ඨාපනය කිරීම.
ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම

සැලසුම් අංශය

දැක්ම කොට්ඨාසයේ සියලු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. Conducting Board of surveys
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

ඉඩම් අංශය

දැක්ම කොට්ඨාසය තුල ඇති රජයේ හදුනාගත් ඉඩම් විධිමත් ආකාරයට හා විනිවිදභාවයකින් යුක්තව කළමනාකරණය කිරීම‍
ප්‍රධාන කාර්යයන්
  1. ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම.
  2. රටේ සංවර්ධන කාර්යයන් සඳහා සහ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන සඳහා අවශ්‍ය හදුනාගත් ඉඩම් අත්පත් කර ගැනීම සහ ඉඩම් හිමියන්ට කඩිනමින් වන්දි / පොලී ගෙවීම.
  3. රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත හා වාර්ෂික බදු පදනම මත ලබාදීම.

 

News & Events

21
ජූලි2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

Scroll To Top