හැඳින්විම
• අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම
කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ සුපිළීපන්භාවය ප්‍රවර්ධනය කිරීම, දූෂණය වැළැක්වීම, විනිවිදභාවය ශක්තිමත් කිරීම සහ වගවීම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් 'අභ්‍යන්තර කටයුතු ඒකකය' (Internal Affairs Unit - IAU) ස්ථාපිත කර ඇත. අදාළ ජාතික ප්‍රතිපත්ති, නීති රීති සහ ආයතනික අවශ්‍යතාවලට අනුකූලව; දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, සදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම සහ අවංකභාවය මුල් කරගත් සංස්කෘතියක් ගොඩනැගීම සඳහා වන ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස මෙම ඒකකය (IAU) කටයුතු කරයි.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණූ
• ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
• ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
• ආයතනය තුළ සදාචාරාත්මක පාලනය සහ වගකීම් සහගත හැසිරීම ප්‍රවර්ධනය කිරීම.
• විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
• නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.















