අපගේ දැක්ම

මහජන මිත්‍රශීලී පරිපාලනයක් හා සංකල්‍ය ප්‍රවේශයන් තුලින් සෞභාග්‍යමත් පුරවරයක් කරා.
 
 

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව යමින් සැලසුම්ගතව, අඛණ්ඩ සංවර්ධන ක්‍රියාවලියක් හා නවීන තාක්ෂණ ක්‍රමවේදයන් තුලින් කාර්යක්ෂම හා ඵලදායී සේවා ස‍ැපයීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම.

කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. 

සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
එම්.එල්. සුනිල් ප්‍රනාන්දු මහතා 1978 1984
එච්.ආර්.කේ. සේනානායක මහතා 1984 1986
ටී.රණසිංහ මහතා 1987 1990
එම්.ඒ.සී. වික්‍රමපාල මහතා 1990 1992
එස්.ඒ.සී සුරවීර මහතා 1992 1997
ඩබ්.ඒ.ඩී.පී.එල්. විජේතුංග මහතා 1997 2002
දීප්ති ප්‍රනාන්දු මිය 2003 2004
ඩබ්.ඒ.ඩී.පී.එල්. විජේතුංග මහතා 2005 2007
එම්.එච්.ජී. බණ්ඩාර මහතා 2007 2010
කේ.ජී.එච්.එච.ආර්.කිරිඇල්ල මහතා 2010 2020
ප්‍රියංකා කොඩිතුවක්කු මිය 2020 2024
ඒ.එස්.ජේ.පී. අතුකෝරළ මිය 2024 මේ දක්වා

News & Events

21
ජූලි2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

Scroll To Top