බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යංශය හා කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ වාද බයිලා ප්‍රසංගය 2025 අගෝස්තු මස 27 දින කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මේ සඳහා ඒසිරි ප්‍රනාන්දු ප්‍රමුඛ වාද බයිලා කණ්ඩායම විසින් දායකත්වය ලබා දෙන ලදි. 

 

 FB IMG 1763363735812  WhatsApp Image 2025 11 24 at 10.40.44 AM 1 FB IMG 1763363785701
 WhatsApp Image 2025 11 24 at 10.40.44 AM 3  WhatsApp Image 2025 11 24 at 10.40.44 AM WhatsApp Image 2025 11 24 at 10.40.44 AM 4

 

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව පවත්වන කලාපීය නත්තල් උත්සවය මෙවර කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ අතර එම උත්සවය 2024.12.13 දින කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානයේදී පවත්වන ලදි. 

 

WhatsApp Image 2025 02 13 at 3.47.17 PMWhatsApp Image 2025 02 13 at 3.47.18 PMWhatsApp Image 2025 02 13 at 3.47.19 PMWhatsApp Image 2025 02 13 at 3.47.22 PM

WhatsApp Image 2025 02 13 at 3.47.28 PMWhatsApp Image 2025 02 13 at 3.47.41 PMWhatsApp Image 2025 02 13 at 3.47.42 PMWhatsApp Image 2025 02 13 at 3.47.43 PM

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පය හා මගපෙන්වීම මත දරුවන්ගේ ගැටලු මූලික අවස්ථාවේම හදුනාගෙන විසදුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විදගැනීමට අවැසි පරිසරය සියලු දරුවන්ටප් නිර්මාණය කරදීමේ අරමුණ ඇතිව ⁣ආරම්භ කොට ඇති "පුබුදමු කැකුළු- ළමා පොකුරු" වැඩ සටහන් මාලාව යටතේ "කටාන ළමා පොකුර" වැඩ සටහන අගොස්තු 23 දින කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කටාන ප්‍රාදේශීය ලේකම් ඒ. එස් .ජේ. පී අතුකෝරල  හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එන්.නිලූෂ ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ පරිපාලන නිලධාරිනී කාංචනා හේරත් සහ ළමාරක්ෂක නිලධාරී අසංක බණ්ඩාර යන නිලධාරීන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් හා කොට්ඨාසයේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක  කරන ලදි.

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිළධාරී වසම් 79 ක් ආවරණය වන පරිදි තෝරාගත් විවිධ අවශ්‍යතාවයන් සහිත  දරුවන් 80ක් සදහා විනෝද ක්‍රිඩා සහ මානසික සුවතාවය ඉහල නැංවීමේ  ක්‍රියාකාරකම් රැසක් සමගින්  දරුවන් හට රස වින්දන වැඩ සටහන් සහ නාට්‍යානුසාරයෙන් ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම්ද සිදු කරන ලදි.මෙම වැඩ සටහන් සදහා ප්‍රවීණ කලාසූරී රිචඩ් මානමුදලි මහතාගේ සම්පත් දායකත්වය ලබා දුන් අතර ජෝන් සී ෆුඩ් ආයතනයේ සත්කාරක දායකත්වය සමගින් වයිෆයි සංගීත කණ්ඩායම මගින් ගී රසවින්දන වැඩසටහනක්  දරුවන් වෙත ගෙනඑන ලද අතර දරුවන් ඒ සදහා ඉතා උද්‍යෝගයෙන් සක්‍රීයව සහභාගී විය.

WhatsApp Image 2024 08 23 at 20.30.04FB IMG 1724820454002FB IMG 1724820465071FB IMG 1724820506992

කටාන පුාදේශිය ලේකම් කොට්ඨාසයේ සාහිත්‍ය කලා මහෝත්සවය  2024 ඔක්‌තෝම්බර් මස 13 දින ආඩිඅම්බලම මහ විදුහලේදී පැවැත්වුණ අතර ඒ් සඳහා ප්‍රධාන ආරාධීත අමුත්තා ලෙස ප්‍රවීණ සංගීතවේදී,ගීත විචාරක සුදත් සමරසිංහ මහතා සහභාගි විය. උත්සවය ප්‍රදේශයේ දරු දැරියන්ගේ හා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ සංස්කෘතිකාංග වලින් සමන්විත වූ අතර පවත්වන ලද සාහිත්‍ය තරඟ අංශ වලින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට ත්‍යාග බෙදා දීමද සිදු කරන ලදි.

 

WhatsApp Image 2025 02 14 at 11.44.01 AMWhatsApp Image 2025 02 14 at 11.44.03 AMWhatsApp Image 2025 02 14 at 11.44.02 AM 1WhatsApp Image 2025 02 14 at 11.44.02 AM

කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය මගින් සංවිධානය කරනු ලැබූ ජූලි මසට අදාල බෞද්ධ ආගම්ක වැඩසටහන පසුගිය 17වන දා කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මෙවර ධර්ම දේශනාව ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති,මෙවර ධර්ම දේශනාව ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති,මුතුවාඩියේ උපසීහ නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදි. 

 

WhatsApp Image 2024 07 18 at 10.00.04 AM WhatsApp Image 2024 07 18 at 10.00.05 AM WhatsApp Image 2024 07 18 at 10.00.05 AM 1 WhatsApp Image 2024 07 18 at 10.00.06 AM 1  

News & Events

21
ஜூலை2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

குடியுரிமை சாசனம்

Scroll To Top