ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පය හා මගපෙන්වීම මත දරුවන්ගේ ගැටලු මූලික අවස්ථාවේම හදුනාගෙන විසදුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විදගැනීමට අවැසි පරිසරය සියලු දරුවන්ටප් නිර්මාණය කරදීමේ අරමුණ ඇතිව ⁣ආරම්භ කොට ඇති "පුබුදමු කැකුළු- ළමා පොකුරු" වැඩ සටහන් මාලාව යටතේ "කටාන ළමා පොකුර" වැඩ සටහන අගොස්තු 23 දින කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

කටාන ප්‍රාදේශීය ලේකම් ඒ. එස් .ජේ. පී අතුකෝරල  හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එන්.නිලූෂ ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ පරිපාලන නිලධාරිනී කාංචනා හේරත් සහ ළමාරක්ෂක නිලධාරී අසංක බණ්ඩාර යන නිලධාරීන් ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධායකත්වයෙන් හා කොට්ඨාසයේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක  කරන ලදි.

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිළධාරී වසම් 79 ක් ආවරණය වන පරිදි තෝරාගත් විවිධ අවශ්‍යතාවයන් සහිත  දරුවන් 80ක් සදහා විනෝද ක්‍රිඩා සහ මානසික සුවතාවය ඉහල නැංවීමේ  ක්‍රියාකාරකම් රැසක් සමගින්  දරුවන් හට රස වින්දන වැඩ සටහන් සහ නාට්‍යානුසාරයෙන් ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම්ද සිදු කරන ලදි.මෙම වැඩ සටහන් සදහා ප්‍රවීණ කලාසූරී රිචඩ් මානමුදලි මහතාගේ සම්පත් දායකත්වය ලබා දුන් අතර ජෝන් සී ෆුඩ් ආයතනයේ සත්කාරක දායකත්වය සමගින් වයිෆයි සංගීත කණ්ඩායම මගින් ගී රසවින්දන වැඩසටහනක්  දරුවන් වෙත ගෙනඑන ලද අතර දරුවන් ඒ සදහා ඉතා උද්‍යෝගයෙන් සක්‍රීයව සහභාගී විය.

WhatsApp Image 2024 08 23 at 20.30.04FB IMG 1724820454002FB IMG 1724820465071FB IMG 1724820506992

News & Events

21
Jul2026
දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

දම් අම දාරා පොසොන් බැති ගී සරණිය

 කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා  කොට්ඨාසයේ...

Scroll To Top