Tree Cutting Permits

ගස් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම.

කොස්,දෙල් ,තල් වැනි සීමිත ගස් කැපීම සඳහා ඕනෑම කෙනෙකු විසින් බලපත්‍ර ලබා ගැනීම අත්‍යාවශ්‍යවේ.

සුදුසුකම්

කොස්,දෙල්,තල් ගස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පහත සඳහන් අවස්ථාවලදීය.
උසාවිය මගින් තීන්දුව දුන් පසුව

1.සංවර්ධන කටයුතු සඳහා

2.ගස් ඉවත් කිරීමට සිදු වන අවස්ථාවල කෘෂිකර්මික සංවර්ධන (මාර්ග සංවර්ධනය හෝ මාර්ග පළල් කිරීම විදුලි බලය සැපයීම වැනි අවස්ථා)

3.ගෙයක් තනන අවස්ථාවකදී

4.ගෙය සැලැස්මට මැදිවූ අවස්ථාවකදී

5.ස්වභාවික හේතූන් මත

6.කෘෂිකර්මික ගස් වලින් ජීවිත වලට හා දේපල වලට හානි සිදුවීමේ හේතුවෙන්.

7.දිරාගිය ගස්.

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

1.අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය.

2.ග්‍රාම නිලධාරීතුමාගේ නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය.

3.ඉඩමේ ඔප්පුවඉඩමේ සැලැස්මගෙයි හා වෙනත් ගොඩනැගිලි පිළිබඳ සැලැස්ම

4.වෙනත් අය සමඟ සම්බන්ධ ඉඩමක් නම් අනිත් හවුල් කරුවන්ගේ කැමැත්ත

5.ග්‍රාම නිලධාරී විසින් සනාථ කරන ලිපිය.

6.උසාවියෙන් දෙන ලද තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි.

7.ප්‍රාදේශීය සභාව මගින් දෙන තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලිඉල්ලූම්පත භාර දීම

සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලධාරීට භාර දිය යුතුය.ඉන්පසු ග්‍රාම නිලධාරී විසින් එම ඉල්ලූම් පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දෙනු ලැබේ.

විශේෂ අවධානයට:ඉල්ලූම් කරුගේ අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩමේ ගොඩනැගිලි හා නිවසේ, සැලැස්ම හා ඔප්පුව අවශ්‍ය වේ.  මේ ගස් වලට ගොඩනැගිලි වලට හා නිවසට වන කරදර තහවුරු කිරීම සදහා.

පියවරෙන් පියවර ක්‍රියාවලියපියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: ඉල්ලූම්කරු විසින් ප්‍රාදේ්ශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලූම්පතක් ලබා ගත යුතුය.

පියවර 2: අවශ්‍ය කරන ලියකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලූම්පත ග්‍රාම නිලධාරිට භාර දිය යුතුය.

පියවර 3:ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ප්‍රාදේශිය ලෙකම් කාර්යාලය වෙත බාරදිය යුතුය. 

පියවර 4: ප්‍රාදේශීය ලේකම් තුමා හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් සත්වැනි පරික්ෂණය සිදුකල හැක.

පියවර 5: ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ලේකම් විසින් ඉල්ලූම්පත අනුමත කල පසු අයදුම් කරන්නා හට බලපත්‍රයක් නිකුත් කොරේ.

Timber Transport Permits (New Issuances/Extensions)

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම.

සීමිත දැව(එබනි,කළු මැදිරිය,බුරුත,හුලංහික්,පලූ,සූරිය මාර,ගම් මාළු, හල්මිල්ල, මිල්ල, වෙලන්, පානක්ක, කුඹුක්, කොහොඹ,මී) ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සීමිත දැව යටතට නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදේ.කොටන් කරන ලද දැව,අලූත් ලී බඩු, ජනෙල් රාමු, ජනෙල් දොරවල්, දොර රාමු, දොරවල් වැනි  සීමාවලට යටත් නොවන දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකිය.සීමිත වර්ග වලට අයත්  හල්මිල්ල හා  කොහොඹ යන වර්ග වලින් ගස් 2 කට නොවැඩි ගනනකින් ලබා ගත් කඳන් හෝ එම කඳන් වලින් ඉරන ලද දැව හෝ එම දැව වලින් සාදන ලද ජනෙල් රාමු, ජනෙල් දොරවල් දොර රාමු, දොර පියන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ඉල්ලා සිටින අවස්ථාවක අදාල ග්‍රාම නිලධාරීගේ  වාර්තාව ලබා ගැනීමෙන් පසුව ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත්කල හැකිය.

දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම

පියවරෙන් පියවර ක්‍රියාවලිය දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම.

පියවර 1: ඉල්ලූම්කරු ග්‍රාම නිලධාරීගෙන් ඉල්ලූම් පතක් ලබා ගැනීම.

සෑම අතින්ම ඉල්ලූම් පත සම්පූර්ණ විය යුතුයි.

අවශ්‍ය කරන ආධාරක ලියකියවිලි

1.දැව ලබගත් ඔප්පුවේ/ප්‍රදාන ඔප්පුවේ/බලපත්‍රයේ අනුමත කරන ලද කොපියක් 

2.දැවලබාගනු ලබන ඉඩම රජයේ නොබෙදු ඉඩමකට/රක්‍ෂිතයකට මායිමීවේ නම් ඉඩමේ මිනින්දෝරු රේඛා සැලැස්මෙහි මුල් පිටපත

3.දැව ලබා ගත්තේ වෙන්දේසියකින් නම් ඵම කුවිතාන්සිය දැව මිලයට ගනු ලැබුයේ නම් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද කුවිතාන්සිය

4.පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු දැව නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය.

5.දැව කැපීම සඳහා ලබාගත් බලපත්‍රය

පියවර 2: ඉල්ලූම්කරු අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය සහ ගාස්තු සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත ග්‍රාම නිලධාරී වෙත භාර දීම.
පියවර 3: ග්‍රාම නිලධාරී වාර්තාවක් සපයා එය ඉල්ලූම් පතට ඇමිණීම.
පියවර 4: ග්‍රාම නිලධාරී අවශ්‍ය කරන ලියකියවිලි සහිත ඉල්ලූම් පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දීම.
පියවර 5: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලූම් පත හා අනෙක් ලියකියවිලි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යැවීම.
පියවර 6: වන සංරක්ෂණ නිලධාරි විසින් මේ ගැන සොයා බැලීම සඳහා එහි ගොස් වාර්තාවක් සපයා අනුමත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කොට එම වාර්තාව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීම.
පියවර 7:ග්‍රාම නිලධාරී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ බලපත්‍රය මුදල් ගෙවා ලබා ගැනීම.


බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම.

වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.

බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම.

වෙනත් ප්‍රදේශය ලේකම් කාර්යාලයකින් නිකුත් කල බලපත්‍රයක් සම්බන්ධයෙන් බලපත්‍රයේ සඳහන් කරුණු ලැබූ කාලය වාහනයේ දෝෂයක් නිසා අතරමගදී වැඩිපුර කාලයක් ගත වන්නේ නම් අදාළ ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමා සතු බලපත්‍රය පොලිස් වාර්තාව ඉදිරිපත් කොට අවසර ලබා ගත යුතු වේ.

Animal Transport Permits

සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළත හෝ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සිට තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙත සතෙකු/සතුන් ගෙනයාම සඳහා අවසර පත්‍රයක් ලබා ගැනීම සඳහා ඊට අදාල අයදුම් පත්‍රය (උපලේඛණය 2) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය.

මෙම අයදුම්පත සමඟ පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.

ප්‍රවාහනය කරන සතුන් සඳහා වන අදාල රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් නිකුත් කරන,

1.සෞඛ්‍ය සහතිකය (උපලේඛණය 3)

2.(උපලේඛණය 6)ගව වවුචරය

3.ප්‍රවාහන බලපත්‍රය ඉදිරිපත් කලයුතුය.(උපලේඛණය 4)

Business Name Registration Permits

ව්‍යාපාර නාම ලියාපදිංචිය


1. අයදුම්පත්‍රය නිසි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
2. හවුල් ව්‍යාපාරයක් නම් සියලුම හවුල්කරුවන් විසින් ඉල්ලුම්පත්‍රයේ අත්සන් තැබිය යුතු අතර හවුල් ගිවිසුමක් ඇතොත් ඉදිරිපත් කළ යුතුය.
3. ව්‍යාපාරයේ ස්වභාවය ලෙස ඔබ ව්‍යාපාරික කටයුතු ලෙස කරන සියලු කටයුතු පැහැදිලිව නිසියාකාරව සටහන් කරන්න.
4. ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද නිර්දේශිත වාර්තාව.
5. මුල් පිටපත සමග සැසදෙන බවට ග්‍රාම නිලධාරි සහතික කළ ව්‍යාපාරිකයාගේ/ව්‍යාපාරිකයන්ගේ හැඳුනුම්පත්වල ඡායා පිටපත්.
6. ඊට අමතරව වෙනත් කොට්ඨාශයක පදිංචි නම් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ වසමේ ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගත් පදිංචි සහතිකය.
7. ව්‍යාපාරික ස්ථානය පිළිබඳව ව්‍යාපාරිකයාට ඇති අයිතිය සනාථ කරන ලියවිලි,ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායා පිටපතක්  ඉදිරිපත් කල යුතු ය.

  • බදු/කුලි ගිවිසුමක් යටතේ පවත්වා ගෙන යන්නේ නම් එකි ගිවිසුම ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්ථමෙන්තුවේ ලියාපදිංචි කල යුතු අතර ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායා පිටපත හා ලියාපදිංචි පිටපත ඉදිරිපත් කල යුතු ය.(ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායා පිටපත සමඟ සසඳා මුල් පිටපත ආපසු භාර දෙනු ලැබේ.)
  • ව්‍යාපාරික ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මූල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායා පිටපතක් ඉදිරිපත් කල යුතුය.
  • යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුවගෙ කැමැත්ත මත පමණක් පවත්වා ගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකි ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සඳහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක් ග්‍රාම නිලධාරී ඉදිරි පිට සහතික කරවාගෙන සහ එකි තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතු ය. 

ව්‍යාපාරයේ ස්වභාවය අනුව පහත සඳහන් තහවුරු ගත සහතික කිරීම් ඉදිරිපත් කළ යුතුය.

  • ඔබට අයත් පළාත් පාලන ආයතනයෙන්(කටාන ප්‍රාදේශීය සභාව,කටුනයාක සීදුව නගර සභාව හෝ නගර සභා,ප්‍රාදේශීය සභාව  උප කාර්යාල මගින් නිකුත් කල වෙළඳ බලපත්‍රයේ පිටපතක් (සියළුම ව්‍යාපාර සඳහා අදාල වේ)
  • යම් ආයතනයක වෙළඳ නියෝජිතයකු ලෙස කටයුතු කරන්නේ නම් එම ආයතනයේ නියෝජිතයෙකු ලෙස පත්කර ඇති බවට ලිපියක්.
  • වාහන කුලියට දෙනු ලබන ආයතනයක් නම් ඒ සඳහා යොදවනු ලබන වාහන තමා නමින් ඇති බවට ලියවිලි / කුලියට ලබා ගත්තේ නම් ඒ බවට ලියවිලි ( අඩු තරමින් වාහන 02ක් විය යුතුය.)
  • ගුවන් විදුලි යන්ත්‍ර ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, විකිණීම හෝ කොටස් එකලස් කිරීමේ ව්‍යාපාරයක් නම් ඒ සදහා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබාගත් අනුමැතිය.
  • මුද්‍රණාලයක් නම් ඒ සඳහා ලබාගත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය.
  • දැව වෙළඳාම, ගබඩා කිරීම, යාන්ත්‍රික වඩුමඩු ආදි ව්‍යාපාර සඳහා වන සංරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගත් අනුමැතිය.
  • බටහිර ඖෂධ වෙළඳසැලක් නම් ඖෂධවේදි සහතිකය හා පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
  • බාහිර රෝගි පරීක්ෂණ කටයුතු සායනයක් පවත්වාගෙන යන්නේ නම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිගේ අනුමැතිය.
  • පලිබෝධනාශක, කෘමිනාශක හා රසායනික පොහොර අලෙවිසැලක් නම් ඒ සඳහා ලබාගත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය.
  • මැණික් වෙළඳාම, කැපීම හා අපනයනය කිරීමේ ව්‍යාපාර සඳහා ලබාගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය.
  • පාසල් පොත් හා ප්‍රකාශන අලෙවිය හෝ මුද්‍රනය කරනු ලබන්නේ නම් ඒ සඳහා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්ගේ අනුමැතිය
  • චිත්‍රපටි නිෂ්පාදන ව්‍යාපාරයක් නම් චිත්‍රපටි සංස්ථාවෙන් අනුමැතිය ගත් ලිපියක්.
  • අංක 48 දරණ ජාතික පාරිසරික පනතේ අංක 234 වගන්තිය යටතේ වූ නියමයන්ට යටත් වන එම උපලේඛනයේ දක්වා ඇති කටයුත්තක් නම් පාරිසරික ආරක්ෂක බලපත්‍රය ලබාගත යුතුය. (උදා: රසායන ද්‍රව්‍ය, සබන්, සායම්, ටයර්, වාහන සේවා ආයතන, මස් සඳහා සතුන් ඇති කරන ස්ථාන, ඉලෙක්ට්රෝ ප්ලේටින්, ගැල්වනයිස්, ඉන්ධන පිරවුම්හල්, ඉටිපන්දම් නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා).
  • විශේෂ හැකියාව අවශ්‍ය ව්‍යාපාර සඳහා එම හැකියාව තහවුරු කරන සහතික ඉදිරිපත් කළ යුතුය. (උදා: රූපලාවන්‍ය, රූපවාහිනි යන්ත්‍ර අළුත්වැඩියාව, ඉදිකිරීම් කටයුතු, සූප ශාස්ත්රය, පරිගණක හා අනෙකුත් උපකාරක පන්ති).
  • සිල්ලර වෙළඳ සැලක් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ.
  • රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කිරීමට පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වාර්තාව
  • ආගන්තුකයින් සඳහා නේවාසික පහසුකම සැපයීමේ ව්‍යාපාර සඳහා පොලිස් වාර්තාව
  • හවුල් ව්‍යාපාරයක් සඳහා අදාල ගිවිසුමක් ඇතොත් එය ඉදිරිපත් කරන්නපෙර පාසල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ මුල් ළමාවිය සංකර්ධන සහකාරගේ නිර්දේශය හා පළාත් අධ්‍යාපන කොට්ඨාසසේ පෙර පාසල් භාරව ඇති එකකයේන් නිර්දේශය ලබාගත යුතුය.
  • පොල් ආශීත නිෂ්පාදන (පරිවර්ථය කරණ ලද) හෝ වෙළඳ ආයතන සඳහා පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය ලබාගත යුතුය.
  • ආර්යුවේද වෙද්‍ය මධ්‍යස්ථාන සඳහා 

1. ප්‍රජා අර්යුවේද සෞඛ්‍ය කාර්යාලයේ  වෛද්‍ය නිලධාරිගේ වාර්ථාවක් ලබා ගත යුතුය   

2. ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන ආර්යුවේද වෛද්‍යවරයාගේ කැමත්ත ප්‍රකාශ කල ලිපිය හා ආර්යුවේද වෛද්‍ය සභාව විසින් නිතුක් කල හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුය.   

3. ආර්යුවේද සම්භාහන මධ්‍යස්ථායක හෝ සම්භාහන මධ්‍යස්ථායක සේව‍ය කරන සම්භාහකවරැන් හා සම්භාහකවරියක් සඳහා ආර්යුවේද වෛද්‍ය සභාව මගින් නිකුත් කල පුහුණු සහතිකය ඉදිරිපත් කල යුතුය. 

ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා දැනට අය කරන ගාස්තු

ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුළත ( මෙහි දී දින 30 ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ ) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබයි. (ප්‍රමාද ගාස්තුව දිනකට රු. 10.00 බැගින් වසර දෙකකට යටත්ව දඩ මුදල් අයකරනු ලැබේ. මෙම ගාස්තුව ප්‍රාදේශීය ලේකම්ගේ අභිමතය පරිදි වෙනස්විය හැක.)

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවිය  යුතු  ආකාරය

  • තනි පුද්ගල ව්‍යාපාර ලියා පදිංචි කිරීමේ සහතිකයක් සඳහා - රු.2500.00
  • හවුල් ව්‍යාපාර ලියා පදිංචි කිරීමේ සහතිකයක් සඳහා- රු.3000.00
  • ව්‍යාපාර සංශෝධන කිරීමේ සහතිකයක් සඳහා - රු.2000.00
  • නිකුත් කරන ලද ලේඛනයක සහතික පිටපතක් සඳහා - රු.1500.00
  • ලිපි ගොනුවක් පරික්ෂා කිරීම සඳහා - රු.300.00
  • ව්‍යාපාර නතර කිරීමේ සහතිකයක් සඳහා දඩ මුදල ( මාස තුනකට වැඩි නම් ) - රු.1000.00 දඩ අය කෙරේ.

දඩ අය කිරීම

  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අයදුම් කරන දිනය, ව්‍යාපාරය ආරම්භ කර ඇති දින සිට මසක කාලයක් ඉක්මවා ඇත්නම් , ඉක්මවා ඇති සෑම දිනකටම රු.10/- දඩ මුදලක් (උපරිමය වසර දෙකක් දක්වා) අය කෙරේ.
  • ව්‍යාපාර නාම සංශෝධනය සඳහා ඉදිරිපත් කරන දිනය එදින හෝ ඊට පෙර දින විය යුතුය.අයදුම්පත්‍ර භාර ගැනීම සහ සහතික පත් නිකුත් කිරීම.

අයදුම්පත්‍ර භාර ගැනීම සහ සහතික පත් නිකුත් කිරීම

අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වාඅඩුපාඩු රහිත අයදුම්පත්‍රයක් සම්බන්ධයෙන් රජයේ වැඩකරන දින 3ක් ඇතුලත සහතික නිකුත්කිරීමට කටයුතු කරනු ඇත.බාගත කිරීම
තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 01 අකෘති පත්‍රය) [ PDF - 446 KB ]
හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිම සදහා ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 02 අකෘති පත්‍රය) [ PDF - 1.64 MB ]
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ග්‍රාම නිලධාරි සහතිකය [ PDF - 446 KB ]
ව්‍යාපාරයේ නම‍ වෙනස් කිරිම ආදි සංශෝධන කිරිමේ ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 05 අකෘති පත්‍රය) [ PDF - 656 KB ][ PDF - 656 KB ]
ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අදාල ලේඛන පරික්ෂා කිරිම/සහතික පිටපත් ලබා ගැනිම සදහා වු ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 06 අකෘති පත්‍රය) [ PDF - 293 KB ][ PDF - 293 KB ]
වෙළද කටයුතු නතර කල බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය (බ.ප ආර් 07 අකෘති පත්‍රය) [ PDF - 333 KB ]

බාගත කිරීම.

තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.01 ආකෘති පත්‍රය PDF-445KB)

හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.01 ආකෘති පත්‍රය  PDF-446KB)ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.01 ආකෘති පත්‍රය  PDF-446KB)

ව්‍යාපාරයේ නම වෙනස් කිරීම ආදි සංශෝධන කිරීමේ ඉල්ලුම් පත්‍රය (බ.ප.ආර්.05 ආකෘති පත්‍රය PDF-656KB)

ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමට අදාල ලේඛන පරීක්ෂා කිරීම/සහතික පිටපතක් ලබා ගැනීම සඳහා වු ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.06 ආකෘතිය පත්‍රය)(PDF-293)

Permit to Close Businesses

පහත සඳහන් ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යලය වෙත ඉදිරිපත් කළ යුතුය.
1.ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකය 
2.ව්‍යාපාර නාම ලියාපදිංවි සහතිකය කොමැතිනම් දිව්රුම් පෙත්සමක් ලබාදිය යුතුය.
3.වසා දමන ලද දිනය ඇතුළත්ව ව්‍යාපාරය වසා ඇති බවට ග්‍රාම නිලධාරී වාර්තාවක්

බාගත කිරීම.

වෙළඳ කටයුතු නතර කළ බව දැන්විමේ ඉල්ලුම් පත්‍රය(බ.ප.ආර්.07 ආකෘති පත්‍රය)(PDF-333KB)

Liquor Permits (New Issuances/Renewals)

මත් පැන් අලෙවිය සදහා බලපත්‍ර (නව බලපත්‍ර නිකුත් කිරීම/අළුත් කිරීම)

නව බලපත්‍ර නිකුත් කිරීම.

  • සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය ලබා ගැනීම.
  • ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සදහා යොමු කිරීම.
  • ගාස්තු අය කිරීම 
  • බල පත්‍රය ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම
  • බල පත්‍ර නිකුත් කිරීම.
  • සුරා බදු කොමසාරිස් ජෙනරාල් වෙත දැනුම් දීම.

බලපත්‍ර අළුත්කිරීම

  • අවශ්‍ය ලියවිලි  ලබා ගැනීම.
  • සුරා බදු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමත ලිපිය
  • සහකාර සුරා බදු කොමසාරිස් නිශ්කාෂන සහතිකය
  • දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගේ නිශ්කාෂන සහතිකය/ව්‍යාපාර පිහිටි පළාතේ ආදායම් කොමසාරිස්ගේ නිශ්කාෂන සහතිකය.
    ලේඛන පරික්ෂා කිරීම.
  • අනුමැතිය ලැබුණු පසු ගාස්තු අය  කිරීම.
  • අළුත් කිරීමේ සටහන් යෙදු බලපත්‍ර ප්‍රාදේශීය ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම.
  • අළුත් කරන ලද බලපත්‍රය නිකුත් වේ.

Pawning Permits (New Issuances/Renewals)

නව උකස් ආයතනයක් ලියාපදිංචි කිරීම සදහා

1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල) .

2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.

  • අයදුම්පත.
  • දිවුරුම් ප්‍රකාශය.
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • පසුගිය ශේෂපත්‍රය
  • පසුගිය වසරේ උකස් බලපත්‍රය
  • ආයතනයේ රක්ෂණ සහතික
  • පොලිස් වාර්තාව
  • ඇප තැන්පතුවට අදාළ ගිවිස්නාව.

3. ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම.

  • ඇප තැන්පතුව              -           රු.100000.00
  • ආරම්භක ගාස්තු          -           රු. 25000.00
  • උකස් බලපත්‍ර ගාස්තු    -           රු. 5000.00
  • මුද්දර ගාස්තු                 -             රු.100

4. බලපත්‍රය නිකුත් කිරීම.

දැනට පවතින උකස් ආයතනයක් සදහා

1. අයදුම්කරුවන් ආදායම් කොමසාරිස් කාර්යාලය මගින් අයදුම්පත්‍රයක් ලබාගත යුතුය. (අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව පාර, බත්තරමුල්ල)

2. ආදායම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු පහත ලේඛනවල ඡායා පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම.

  • අයදුම්පත
  • දිවුරුම් ප්‍රකාශයව්‍යාපාර
  • ලියාපදිංචි සහතිකය
  • පසුගිය ශේෂපත්‍රය
  • පසුගිය වසරේ උකස් බලපත්‍රය
  • ආයතනයේ රක්ෂණ සහතිකය

3.ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලද පසු බලපත්‍ර ගාස්තු අය කිරීම.

  • උකස් බලපත්‍ර ගාස්තු රු. 5000.00
  • මුද්දර ගාස්තු රු.100
  • ප්‍රමාද ගාස්තු - මසකට උකස් බලපත්‍ර ගාස්තුවෙන් 10% බැගින් අදාළ මාස ගණනට අය කිරීම.

4. බලපත්‍රය නිකුත් කිරීම.

Your text...

Mining Permits (New Issuances/Renewals)

Your text...

Gun Powder Permits

Your text...

Vehicle Revenue License Renewal

Your text...

News & Events

28
Aug2017
කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි...

28
Aug2017
ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් පවත්තනු ලැබු විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් පවත්තනු ලැබු විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු මෙහෙයුම් කමිටු මඟින් විශේෂ ඩෙංගු මර්දන...

Scroll To Top